Friday, August 26, 2016

හුස්ම..

















වැහි දාට මුණගැහුන
වැටකෙයියා පඳුර ලඟ
කැඩී ගිය හදවතේ
තාම පණ ගැහෙනවා...


වතුර නැති නියඟයට
තෙමුණු කටු කම්බි වැට
පැහැ වැටී ගොම පාට
තාම මඟ බලනවා...

ඉරි තැළුණු වැව් ඉවුර
තිසා වැව් අද්දරට
හීන් වැහි පොද වැටී
සුමට රැළි අඳිනවා...

තෙළි තුඩක අඟ රැඳුණු
පාට වැහි පොද කැකුළු
නුඹේ හදේ ඡායාව
වැව් දියේ මවනවා...

ගොම්මනට නුඹ ගාව
පිපෙන සඳ දෙස බලන්
නුඹ ගොතපු කවි මාල
තාම හිත නිවනවා...

අමාවක සඳට පෙර
නුඹ ඇවිත් මගේ ගාව
තරු පොකුරු ඇතිරිල්ලේ
නැළවෙන්න පතනවා...