Sunday, June 12, 2016

නොඇසෙනා ආදරය...














සඟවා සිටින නුඹේ හඬේ උණුසුමට
මා සිත හඹා යයි දේදුණු සිහින අතරින
නුඹ තොල් මතුරනා නොඇසෙනා ගී රාව
මනරම් අරුත් පසඳි රැළි නැගෙන වැව් දිය මත...

දිරා ගිය ගස් අඟ මුල් මත හිඳ
නුඹ නුරා නෙත් මවනා වදන් පෙළ
මා නෙත් මතට පිණි පොකුරු බිඳු ඉස
ආල සිත් දැල්වෙයි හිරු බසින සැඳෑවට...

නුඹ ඇඟිළි තුඩු අඟෙහි රැඳි වචන පෙළ
පණ ගසා හුස්ම ගෙන වා තලය සිප
මා කණ් පියන් මත වැකුණු ඒ හඬ
මා හද වෙලයි ඒ සොඳුරු සිත්තම...

සුදු පෙණ රැළිති පුපුරණා ගී හඬ
තත් හඬ නඟයි දිලෙන නුඹ නෙත් යුග
වැලි කැට සිඹින මා කඳුළු කැට
කවි පද මවයි වසා තඹ වැලි ඉවුර...

රොද බඳින වැහි බිඳු වැටෙන තාලයට
හද ගැහෙන හඬ ඇසෙයි මල් වැටුණු කුඩය යට
තෙතබරිත තණ මල් පිණි වැටී දිලිසෙන කොට
ඉහිලුම් නොදෙයි හද වැකෙන කවියට..

Pix by QiQigallery