Monday, May 9, 2016

සැඳෑව අසල හිඳ...


















ඒ සුභ රාත්‍රිය වෙත
සන්සුන්ව පිය නගන්නට
සැඳෑව එළඹ ඇත
රන් දිය සිඹින අහසට...

ගිනි ගත් වළාකුළු මත
හඬා වැලපෙන අඳුරු යුගයක
මතක පැන් ඉසින්නට
ලංව ඇත හැර යන්න සැඳෑ විය...

හිරුට ලංවී සුමුදු ගී තෙපලන
සුදන ගුණ පිරි හදවතේ සේයාව
අසල හිඳ ගී අසන වීනාව
තත් අතර නඟයි පාළු සිත් ස්වර නාද...

වේලුණු ඉරි තැළු ඝණ දුඹුරු ධරණි මත
දිරා වැහැරුණු වියළි කොළ පා ගැටෙන
සර සර හඬින් සිත් සමාධිය වඩන
සඳට කැඳවුම් ලැබෙයි සුභ රාත්‍රිය දැක්මට...

ඉතිං
සුභ රාත්‍රිය
අවසරයි මා හද වෙලන්නට
රිදී සඳ දිය විසිරුනු
වළා රැල් සළු පටින්
විඳින්නට
නැවුම් ජීවයක උණුසුම...