Tuesday, April 19, 2016

ලුණු ඕයේ නුඹේ සුවඳ...

















අනෝතත්ත විල් දිය රැළි
නොඅඩුව දිලි දිලි විසිරි
සුදු පෙණ බිඳු මුතු පිණි සේ
ඔබේ දෑත් අඟ රැඳුනා...

ලුණු ඕයට තනිකම මැකු
අප්පච්චී නුඹේ සෙනෙහස
පාරුව මත රැඳුනු ඔබේ
හද සිතුවිලි තැනුවා...

තඹර පෙති මතින් හිනහුන
රළු වියැකුන ඔබේ සුසුම්
අපේ පැලේ දුප්පත් බව
නුඹේ දා බිඳු මැකුවා...

සෙවනැල්ලට මුවා වෙලා
රාජ භරණ හදේ දරා
නිල් දිය රැළි පොහොසත් කල
නුඹේ කඳුළු අප දුටුවා...

මහ සෑයට යන එන මඟ
නුඹේ හඬේ ඇති පැහැයට
නෙළිම් සුවඳ සිතින් දැරූ
දෙවිවරු නුඹ දෙස බැලුවා...

පාරුව ලඟ නුඹේ හුස්ම
ගැටෙන හඬට තඹර පියුම්
ඉකි බිඳ හද සුසුම් සිඹින
නිල් දිය රැළි බිඳුනා,
තඹර පියුම් හැඬුවා....