Tuesday, March 1, 2016

වෙරෝනිකා...























තත් ගැටෙන හඬ මට තාමත් ඇහෙනවා
නුඹේ ඇඟිළි මත ගැටුනු
ඒ සිත් රැඳි සුළඟ
මගේ සිත් අඟ හිනහෙනකොට
නුඹේ සිත් ලඟ හැඬුවා
ඒත් ඒ කඳුළු බිඳු වැටෙන හඬ
මට ඇහුනේ නෑ වෙරෝනිකා...


තත් එකින් එක කැඩෙනකොට
නුඹේ දැහැන බිඳෙනකොට
මා සමධි ගත වුනා,
ඒ නුඹේ හිතේ තිබුණ පින්වත් බව නිසා
ලෝකයා ඔබෙන් නොදුටු ඒ පිවිතුරු බව
නුඹේ හදවතින් මා දුටුවා වෙරෝනිකා...

නුඹට ගමට යන්න බැරි වෙන්න ඇති
ළිඳ ගාව ගෑණු
නුඹ දැක රහස් කොඳුරන්න ඇති
නුඹේ හිත රිදුනත්
නුඹ නෑහුනා සේ යන්න ඇති
ඒ නුඹේ හදවත උන් දැක්කේ නැති නිසා වෙරෝනිකා...

ලෝකයා නුඹට නෑ නෑ කිව්වට
නුඹට පින්වත් ආත්මයක් තිබුණා
නුඹ කලේ නුඹේ රක්ෂාව
හරියට රජයේ ලිපිකරුවෙක් වගේ
හරියට දොස්තර කෙනෙක් වගේ
හරියට ඉංජිනේරුවෙක් වගේ
ඒ බව ලෝකයා දුටුවේ නෑ වෙරෝනිකා...

ලස්සන ආදර කතා තිබුණට
රෝස්, ජැක්ට සැලකුවේ නුඹ වගේ නෙමෙයි
ජුලියට්, රෝමියෝට සැලකුවේ නුඹ වගේ නෙමෙයි
උන්ගේ ආදර කතා ලෝකයා රස විඳිනකොට
නුඹේ ආදරේ උන් කෙලසුවා
ඒ නුඹට සාපේක්ෂ රාමුවට
උන් නාපු නිසා වෙරෝනිකා...

මං ඇත්තටම නොදැන සිටියා
නුඹේ ආදරේ සැබවින්ම පිවිතුරු බව
නුබේ මිනිහට බෙහෙත් හොයන්න
නුඹේ පතිවත විකුණපු බව
ඉතින් වෙරෝනිකා සමාවෙයන් මට
නුඹ නොහැඳින ගත්තාට....