Wednesday, February 24, 2016

නෙළුමක් යට හිඳ...























අහස් කුස සිඹ
ඒ දරිද්‍ර වූ පුසුඹ,
තුඩඟ තැවරුණු
ඒ කාෂ්ටක දුක්ඛිතය,
අහස් කුළු මත හිඳ සුසුම් හෙලයි
සමාජ පන්ති අරගලය දැක...


එක් පසක රත්න පිරි
සුන්දරත්වයේ සිහින මත පා වෙන
නෙළුම් පිපි උයන්ද,
තවත් පසක කාල වර්ණී
කටුක වූද සිහින දැක එමත පා වෙන
මඩ ගොහොරු පිරි දුක්ඛිතයකි...

ශිශ්ණ තුඩඟ රැඳි
රත්ත ලේ පැහැය
ලේ නොව දාඩිය දුක් කඳුළු බව
නොදැක නොදැක්කා සේ මිහි මත වසන
ඒ අපූරු ජන සංක්‍රමණය
ඇඟිලි ගැන හිඳි , අවසානයක් දැක හිනහෙන්නට...

කොළොම්තොට දුක්ඛිතයේ
යෝනි මත ගැටී නැති වී ගිය ඒ කන්‍යා බව
ඒ පුරුෂ ලිඟුව නොදනි
තමන් සැබවින්ම නෙළුමක්ද නැත්ද යන වග...

මඩ ගොහොරු මතින් සිට
අහස් කුස සිඹි
ඒ කොන්ක්‍රීට් සිහින නෙළුමෙහි අයිතිය
සිහින මත පාවෙන අයට පමණක් විනා
මඩ තැවරුනු දුක්ඛිතයට අයිති නොමැති බව
නොදැන හිනහෙයි වළා පට මතින් නැඟ....