Wednesday, February 24, 2016

ලඳකගේ වෙන්වීම...

















සිංහ මුව දොර
මුර මඬල රැක
සිටින ගොම්මන අඳුරු යාමෙහි
සරා පුර සඳ පෑයු සේ ඔබේ
මුවඟ සිරි එළි වැටී දිලුනෙහි...

පෑයු සඳ සිරි
සිංහ ලෙන් මත
දිදුල එළියෙන් දිව්‍ය ලෝ තල
ඔබේ රෂ්මිය වැදී මත් වී
රජුන් සැල විය ඔබ ලබන්නට...

දුහුල් සළු පිළි
රත්න මුතු වැල්
ගතෙහි පළඳා සරසවා සිරි
කැඳව අස් රිය පෙරහැරින් ඔබ
රැගෙන එන සැටි මා දසුන් විය...

මතින් රජ සැප
සිරිය දුටු ඔබේ
මුවෙහි දුක් බර සිතක් නොවුනෙනි
සිංහ මුව දොර දෙපස සිටි මා
දෙස නොදුටු සේ නෙත් පැහැරවුනි...

පොකුණු දිය මත
නෙළුම් මල් ගෙන
කරඬු සඟවා දුහුල් පටයෙන්
රජුන් පුදනට මල් නෙළන්නට
ඔබත් යනයුරු සිතින් දුටුවෙමි...

ඉහල තලයේ
සිංහ කුළු මත
ඔබේ සිතුවම් අඳී දිනයක
එවිට මා දුටු ඔබේ වත මල්
දකී අන් නෙත් සෑම වරකම...

රාජ උණුසුම
මතින් රත් සැප
විඳින ඔබේ සිත් මවයි මා සැප
කුසෙහි සිටිනා මා බිළිඳු සඳ
දිනක රජ සැප විඳි නිසකව....