Wednesday, August 19, 2015

( S P A C E )

එක්තරා වර්ශයක, ජූලි මස 17 ක් වූ දිනක, වේලාව පෙ.ව. 11.38 පසු වී තප්පර 30 යි.                                                  
                                                    උසාවිය නිහඬය, සැවොම බලාසිටිනුයේ ඔහුගේ පාපොච්චාරනය දෙසය.. විත්ති කූඩුවේ පොලු අතර සිර වුනු ඔහු සැබවින්ම අසරණය, මක්නිසාද යත් ඔහු නිවරදි බවේ ප්‍රතිමූර්තිය වන බැවිනි.
                     දුෂ්කර ගම්මානයක අන්ත දුක්ඛිත වූ පවුලකට ජාතක වූ ඔහු නමින් සත්‍යපාල ය. ඔහු කර දඬු උස් වීමත් සමඟ දෛවය පරයා සමාජීය පොරක් වන්නට වෙර කෑවේ ය. ඒ දුක්ඛිත බවේ පිපාසය සිතට දැනුනු නිසා විනා අන් රුදාවක් නිසා නොවින. සිතට දැනුනු ඒ රුදාවේ මහිමය වැඩිවීමත් සමඟ ඔහු කාලවර්ණී වූ සමාජීය පස මත පය තැබුවේ ය. කාලය ගෙවි යන්නට විය, ඒ සමඟම ඔහු වටා ඔහුට ඇති රුදාවම ඇති පිරිසක් පොදි ගැහෙන්නට විය. එතන් සිට ඔහුගේ ගමන නැවතීමේ තිතකට පමණක්ම සීමා විය. ඒ ඔහු දියවන්නා තරණයට පය තැබීමත් සමඟය. 
                                                      එය පය තැබීමකටම පමණක්ම සීමා විය. මක් නිසාද යත්, ඔහු සමාජයේ යතාර්ථය නොහඳුනන කිරි සප්පයෙකු වූ හෙයිනි. ඔහුට අති වූ රුදාවට සත්‍ය වෙනුවෙන් පෙනි  සිටියා විනා ඔහු නොදැන සිටියේය, බොරුවෙන් පමණක් විනා සත්‍යයෙන් දියවන්නාව ජය ගැනීමට නොහැකි වග.


                                















                                   




                                                   අසම්මත වූ සමාජීය පිලිවෙත් තිබෙනා වූ රටක, ජාතියේ පිනට පහල වූයේ යැයි සිතන විවිධ උප්පරවැට්ටි කාරයෝ හතු පිපෙන්නා සේ රටකට ජාතක වන්නේය. ඔවුන් අසම්මතයෙන්ම පමණක් තමන්ගේ ජීවිත කතාව ලියාගන්නෝය. එය සැබවින්ම අසිරිමත්ය, දැකුම්කළුය ඔහුන්ට සමාජයට එළි බැහීමට නිශ්චිත වූ කාලවකවානුවක් තියෙන්නේය. ඒ වකවානුවේදී ඔවුන් කන කැස්බෑවා විය සිදුරේන් අහස බලාන්නා සේ ජනතා වේදිකාවන්ට ගොඩවන්නේ තමන් පිවිතුරු බවේ පරම සංකේතය ලෙසිනි. විවිධ වර්ණයන්ගෙන් වෙන් වූ කාමර වලින් එලි බහින ඔවුන් ජනතා වේදිකා මත පට්ට පතුරු ගැසිය හැකි බේගල් බිම හෙලන්නේය, තම වර්ණයට එපිටින් වූ අනෙක් වර්ණයන්ගේ වුන්ට ගරහන්නේය, ඇතම් විට තම වර්ණයේම වුන්ට ගරහන්නේය. සැබවින්ම එය තම ජතාකයේ වැරදි හත්පොලේ ගා ගත්තා වැනිය. එතනින් නොනැවතෙන ඔවුන් ජනතාවගේ දෙපා මුල අඬා වැලපෙන්නේය. තමන් පරම පවිත්‍ර යැයි දොඩනේය. ඔහුන්ගේ ඒ අසරණකම දැක බඩ පපුව උණු වී සිත වාවා ගැනීමට නොහැකිව ඔවුන් දෙන ලණුව උගුරට හොරා ගිලින ජනතාව වන අප දුප්පතා රජ වන රාජයෝගය ලබා ගැනීම පිණිස ඔවුන්ට රතු පාවඩ එලා දියවන්නාවට පිටත්කර හරින්නේය.
                                                                               දැන් සියල්ලක්ම අවසන්ය ඔවුන්ගේ ඉලක්කය වෙත ඔවුන් ගොස් හමාරය. එහෙත් දැන් ඔවුන්ගේ සිත් නොසන්සුන්ය. මක්නිසාද යත් පෙර කල තමන්ට සිටි විරුද්ධවාදින් සිහියට නැගෙන්නේය. එසේ නම් ඔවුනට සාපෙක්ෂව දැන් පලිගැනීමේ සමය එලබි ඇත. එවන් සමයක සත්‍යපාල වැනි වූවන් නානප්‍රකාර වැරදි මත කූරු ගැනීමට ඇතුලට යන්නේය. දැන් මදක් සිත නිදහස් ය. එහෙත් කුමක්දෝ යම් අඩුවක් සිතට දැනෙන්නේ ය. මදක් නැවති සිතු කල ඔහුන්ගේ සිහියට නැගෙන්නේ තම පරම්පරාව පොෂණය කල යුතු වග ය. ඔවුන් ඒ අඩුවද මැනවින් ඉටු කරන්නෝය, ඒ රජ වීමට සිහින දුටු දුප්පත් ජනතාවගේ සන්තකේටම අත රැදි තුට්ටු දෙකටද විදිමිනි.
                   එසේ නම් මෙම දේශපාලන ඩීල්කාරයින්ගේ මේ හැඩගැසීම සැබවින්ම ජල චක්‍රය වැනිය. පෙර තිබුනේද මේ චක්‍රීකරණය වූ ක්‍රමය මය. දැන් තිබෙන්නේද මෙයමය. එසේ වන කල අනාගතයේද මේ ක්‍රමයේ වෙනසක් සිදු නොවන්නේය. එසේ වන කල දුප්පතා රජ වන රාජයෝගයද සැමදාම අප හට බාලගිරි දෝශයම වැනිය.

එකල් සමයක අප එසේ සිතුවත්, මෙකල්හි එසේ සිතීමට අවශ්‍යය නොවේ යැයි අප සිතන්නෙමු.