Friday, August 7, 2015

රාජයෝගය...

ගිනි ගහන
හිරු යට
මහ පොළව
කාණූ යට
පොළවට වාරු දී
පවුල් බර කර තබන්
ඉකි ගසන හද වියන
කහට උගුරෙන් තෙමන්
විට හපය මුව දරා
රජ වන්න බලා සිටී....
ඉරී ගිය හම් මල්ල
හම්පඩ කමිසයට
ෆයිල් කන්දක් උඩින්
වැටුනු උඩ බොත්තමක්
මේසයට වාරු දී
ඉරී ගිය සාක්කුවේ
අඩු වුවත් වැඩි නොවූ
මාසෙකට කලින් ගත්
ඇඩ්වාන්ස් එක අරන්
ගෙදර යන්නට සදයි
ගෙදර උන් හනි හනිකේ
රජ වන්න බලා සිටී....
දොළොස් හෝරාවකට වැඩි
රත් වූ පළඟ මත
ටැටූවක ලේ කඳුලු
ඇඟිලි මත කෙටී ගිය
මහමෙරක් වූ පැතුම්
සිත දරා
සුපයිසර්ගේ සුමට
වදන් නෑසුනා සේ
රජ වන්න බලා සිටී....


















එදා මෙන්
අදත්
ඊනියා නැවුම් වූ
ඒ  පතුම් මඩිස්සලය
දැන් නම් බර වැඩි
රාජයෝගයක පෙරමන්
අත වනයි පෙර සේම
දුප්පතා රජ වන්න
බලාගෙන සිටි...
සුළඟිල්ල රතු කරන්
රාජ සිරි නරඹන්න
පෙළ ගැසෙනු
එකා මෙන්
පෙර සේම
හෙට දිනෙත්
රජ  වීමේ අධිඨනෙන්...

පෙර ලිපියට නිදහස් පරමාධිපත්‍යට පෙර..