Sunday, October 5, 2014

කඩිකුලප්පුවක මහිම...

සාර්ථකත්වයේ මුදුන්මල්කඩ
සොයා යන ගමනේ
සමාජීය වශයෙන්
ලබන විවිධ වූ හැලහැප්පීම් සමගින්,
තෙහෙට්ටු වී ලත වෙන
අපේ මනසට පවන් සැලීමට විනා
පීඩිත මනසේ හැගීම් දැනීම් තේරුම් ගැනීමට
උත්සුක නොවෙන ජන සමාජයේ වසන මිනිසුන්
සුරුට්ටු පත්තු කිරීමට වෙර දරනුයේ
ගහෙන් වැටුණු මිනිසාට ගොනා අන්නා සේ
පීඩිතව දිවි ගෙවන අපගේ,
රැවුල ගිනි අරගෙන සිටින මොහොතකය...
වෘර්තියක පහස ලැබීමට
හන්දියක් හන්දියක්
පාරක් පාරක් තුල
වෙහෙස වෙන තවකෙකු සිටින කල
අන්තර්ජාලයෙන් තවකෙකු
බල සිටිනුයේ
තම ජීව දත්තයට ඇරයුමක් ලැබෙන තුරුය...
වෘර්තියේ පහස එතරම් වැදගත් බව ඔවුනට දැනෙනුයේ,
තම අනාගතය පිළිබද දුටු සිහින
ඉටු කර දීමට දෙමාපියනට නොහැකි බව
වැටහී ගිය නිසා විනා,
තවකෙකු සේ ගෙදර බත් බුදිමින්
තම ඕනෑ එපාකම් ඉටු කර දෙන්නයි
හිරු සදුට වද දීමට හැකි නිසා නොවනි..
එසේ වුවත්,
තම ජය මාවත
කෙසේ හෝ සොයා ගැනීම
අධිටන කරගත්තා හට
එය ලගා කර ගැනීමට
මෙතරම් කඩිකුලප්පුවක් සැදී තිබෙනුයේ
ඔරලෝසුවේ කටුව
ඉවක් බවකින් තොරව
සට සට ගා කරකැවෙන බැවිනි...





















දත කා දැගලුවත්
කාලයේ නැවතුම 
එකම ෆැන්ටසියක් බව දත් 
ඔබ හා මා,
මේ ජීවිතය සමග පොරබඳිනුයේ
සාර්ථකත්වයේ නිම්වළලු 
තමන්ගේ සිතටත් 
තම දෙමාපියනටත් 
උදා කරදීමේ එකම මෙන්ම
පරම වූ පැතුමත් හදේ තබාගෙනය..
එවන් වූ චින්තනයක 
උරුමකරුවෝ වන අපිට 
වීඩා නිවීමට අවස්ථාවක් නොමැත,
එහෙයින් ගතේ හා සිතේ 
පවතින උපරිම වූ ශක්තියෙන් 
ජීවය සතුව පවතින ඉලක්කය 
අපේම කර ගැනීමට 
නොපැකිලිව කැප වෙමු..
එකල්හි, කෙදිනක හෝ
සිතග පතනා සාර්ථකත්වය
අපේම වනු ඇත...
එදිනට ඔරලෝසුවේ කටුද 
එක තැන ලතවෙනවා සේ දැනෙනු ඇත...