Thursday, August 7, 2014

වතුර නැතුව කෙසේ රජ වන්නද??


බර්ටි.බී.කුඩාහෙට්ටියන්ගේ, සැපෙනි සැපවේවා සහ සිරිමලුගේ නගා නලනීය යන කෘතිය කියවීමේදී දක්නට ලැබුණු දැනට සමාජය තුල දක්නට ලැබෙන ආත්මීය සාධකයක් නෙත ගැටුණි. රචකයාගේ නිර්මාණාත්මක මනසින් දුටු දැනට සමාජය තුල දක්නට ඇති එක් සමාජ කොට්ටාසයක් පමණක් අත්විදින මෙහි දැක්වෙන සිතුවිලි හැගීම් කුඩාහෙට්ටියන් මැනවින් දක්වා ඇත්තේ මගේ මනස තුලද
මෙම කෘතිය කියවන්න වූ ඔබගේ මනස තුලද මේ කියන්නා වූ දෙය සත්‍ය යැයි විනා අන් කවරක්ද???


























මෙම කෘතිය ඇසුරින් උපුටා ගත මෙම පද වැල වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්ට නොපෙනෙන කරුණක් විදහා දක්වයි.

කවියා:
සරු පස පෙරළමින්
කදුලකින් වතුර බැද
පුර දහතුන් වසක්
නුඹ කුඹුරු කෙටුවෙහිය

පුරා දහතුන් වසම
කටු මැටි ගෙපැල පමණකි
කෝ පොලව කොටමින්
ගොඩනැගු අටුකොටු
රැයක ගෙට සොරෙකු පැන
සොරාගෙන යන ලද වස්තුව

පුරා දහතුන් වසක්
කුඹුරු කෙටුවා මදි ද
ඇගේ මඩ සෝදාගෙන
රජකම් කලොත් නරකද?

ගොවියා:
දිනපතා ගොවිබිමට
බැංකුකරුවන් වැදි
ලොරි අයිතිකරුවන්ද
අතරමැදියන් වැදි
මංකොල්ලකන නිසා
කටු මැටි ගෙපැල පමණකි

තෙමා ගන්නට කුඹුර
මහා ඇලේ වතුර නැත
මඩ සෝදාගත නොහැක
ඔටුනු පළදින්නට

සමාජයට මන වූ මෙහෙවරක් කරන්නාවූ එක් කොට්ටාසයක් වට ගෙතුනු මෙය ඒ සමාජය තුල සත්‍ය වූ දැක්මක් පෙන්නුම් කරනු ලබයි.අලුත් ඉරක් පොරොන්දු වෙමින් ආණ්ඩු ආවත් මේ ජන කොට්ටාසයේ මේ ඉරණම දුටුවෙහිද? ඒ ඉර කෙසේ වෙතත් ඒ ඉර බස ගිය පසු තවත් දිනක් උදා වුණා, අයෙත් ආණ්ඩුවක් ආවා මේ ඉරණම දුටුවෙහිද? සමහර විට දකින්නට ඇති එත් නොදැක්කා වගේ සිටින්නට ඇත.
                         මේ කෘතිය තුලින්ම තවත් කරුණක් දුටුවා "මිනිස්කම නැතුව මිනිස්සු වෙන්න බෑ" එය සැබෑම වූ කරුණකි අප සෑම කෙනෙක් ගැනම සොයා බැලිය යුතුය, අප අපගේ මල්ල පුරවා ගත්තත් ඒ මල්ල කරපින්නා ගෙන අපි යන දිනයට ගෙන නොයන්නා බැවිනි.