Monday, August 18, 2014

සිත්තරාගේ සිහිනය..

වරෙක ඔහු පැළ කල
නිල් පැහැති නිල් රුවෙති
අනාගත සිහිනය,
අනාගත ජීවය
සාර්ථක වනු පිණිස
පස් බුරුල් කර
වල් පැළ ද නෙලා
දිය යොදා සෑදුවේ
සිත්තෙරෙකු බලාපොරොත්තු වන
අවසාන සිහිනය,
අවසාන පැතුම
තමාටත් උරුම කර ගැනීම විනා
අන් කවරක්ද??















තම දණහිසෙන් නොසිට,තම කකුල් දෙකෙන් නැගී සිටීමට වෙර දරු කඳපොළ ප්‍රෙදේශයේ තම ජීවන වියමන ලෙස වඩේ වෙළදාම කරමින් සිටි පුද්ගලයෙකුට සිදු උ විපතක් පිළිබදව පසු ගිය දවසක වාර්තා විය. සැබවින්ම කිවහොත් එය තමන් විසින්ම තමාට කරගත් විපතක් විනා අන් අයෙකු විසින් කල දෙයකුත් නොවේ නමුත් ඒ විපත ඔහු කර ලගා කරවීමට අද සමාජයේ වගකිය යුතු පුද්ගලයින්ගේ ගති පැවතුම් වල සහ ඔවුන් තුල ඇති ආත්මාර්ථකාමී පිළිවෙත් ඒ සදහා දායක වුවදෝ යන සැකය මා සිත තුල ගොඩ නැගේ. විවිධ පුද්ගලයින් විවිධ මත පළ කරයි.. යම් අයෙක් ඔහු මෝඩයෙක් යැයි අදහස් දක්වයි, තවත් අයෙක් ඔහු දරු සෙනෙහෙ නොදන්නා අත්මර්තකමියෙකු ලෙස හංවඩු ගසයි කෙසේ වෙතත් මොහුගේ සිත හදුනා නොගත් විචාරකයෝ කෙසේ දැක වුවත් සැබවින්ම මොහු තම දෛවය සමග සටන් කල සෙනවියෙකු ලෙස ඔහුගේ චරිතය දෙස තවත් කෝණයකින් බැලු මා හට පෙනේ.

ඒ පුවත ගත් කල මෙසේය,
බිරියගේ කුසේ දරු දෙදෙනකු බව දැන ගත් සැමියා වස බී නසී
උපුටා ගැනීම: මව්බිම පුවත්පත

මෙයින් කියා පාන්නේ සමාජයේ මිනිසුන් තුල ඇති සැබෑ අසරණ බව විනා ඔහු තුල ඇති මෝඩකම වත්, ඔහු තුල ඇති මන්ද මානසික අසහනයවත් නොවේ එය තේරුම් ගත් විවිධ මතධාරීන් කෙසේ කිවත් එය එසේ නොවේ. ණය බරින් තැලී පොඩිවී ගිය මොහු හට රුපියල් 40,000 ක මුදල නොමැති වුයේ, ණය මුදල ගෙවා සතුටින් ජීවත් වීමට විනා කැසිනෝ ශාලාවකට ගොස් කැසිනෝ ගසන්නට වත් විස්කි බෝතලයක් මේසයක් උද තබාගෙන බදුනකට දමා බිදුවෙන් බිදුව තම මුවෙහි තබා ගැනීමට වත් එසේත් නැති නම් Bangkok වලට ගොස් Dinner එක අරගෙන ආපසු ඒමට වත් නොවන හෙයිනි.

මොහු මෝඩයෙකු යැයි හංවඩු ගසන පුද්ගලයින් සමහර විට දවසටම තම පෞද්ගලික ආශාවන් තකා රුපියල් 40,000 ක් වියදම් කරනවා වීමට පුළුවන සමහර විට පැයකට එම මුදල වියදම් කරනවා වීමට පුළුවන, එසේ කරන්නා වූ පුද්ගලින් කෙසේ අන් අයගේ දුක හදුනනවාද?? යන සැකය මතු වේ. එසේ කරන පුද්ගලයින්ගෙන් ඉල්ලන්නේ එකම දෙයි ඒ අනුන්ගේ දුක හදුනා ගැනීමට නොහැකි නම් තම වක්කඩක් වන් වූ මුඛය වත් වසාගෙන සිටිනු ලෙසට දක්වන ඉල්ලීමයි.
මෙවන් වූ අසරනකම් මැඩලීමට උසින් උසට අහසට ගෑවෙන තරම් ගොඩනැගිලි සැදුවට පලක් නැත, හරි කෙලින් දිවෙන මන් මාවත් සැදුවට පලක් නොමැත නිකරුනේ ලෝකයට පෙනෙන්නට ලොකු ලොකු උත්සව පැවැත් වුවාට පලක් නොමැත.. කල යුත්තේ ප්‍රථමයෙන්ම මිනිසුන්ගේ අසරණ සිත් වල පොර බදන අහිංසක පැතුමන් අහිංසක බලාපොරොත්තු තේරුම් ගැනීමය..

"තමන්ගේ පොදිය තර කර ගැනීමට හතිලමින් දගලන මිනිසුනේ අන් ය ගැනත් සිතන්න, ඔවුන්ගේ ක්‍රියාවන් පිලිබදව ක්‍රියාවට හේතුව නොදැන විවේචන ඉදිරිපත් කිරීමෙන් වලකින්න මිනිසත්කමට අත්වැලක් වන්න, සෑම දෙයක්ම දෛවයට බාර නොදෙන්න එසේ වූ කල මෙවන් වූ සමාජීය අසර්තකත්වයන් ලොවින් තුරන් වනු ඇත"